තලවතුගොඩදී අනතුරට ලක්වූ BMW මෝටර් රථය තම ඥාතියෙක්ට අයත් බවත් ඔහු සිය අමාත්‍යාංශයට සම්බන්ධ නොමැති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබිර් හෂීම් මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. එසේම සිදුවිම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ සඳහා සිය සහයෝගය උපරිමයෙන්ම ලබාදෙන බවත් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.