BBQ දුම මරණය ගෙනෙයි
නිට්ටඹුව ප්රදේශයේ සිට නුවරඑළිය ප්රදේශයේ සංචාරයක පැමිණි පිරිසක් අතර සිටි පුද්ගලයෙකු මස් පිළිස්සූ විෂ ආග්රහණයවීමෙන් මියගොස් ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි. මේ හේතුවෙන් සිහිසුන්වූ තවත් දෙදෙනෙකු නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පිරිස නවාතැන් ගෙන සිටි නුවරඑළිය හාවාඑළිය ප්රදේශයේ නිවසක කාමරයක මස් පිළිස්සූ උදුනක් ශීතලට විකල්පයක් ලෙස තබා ඔවුන් නින්දට ගොස් තිබේ. පෙරේදා (13දා) පස්වරුවේ කාමරය තුළට ගිය තිදෙනා නැවත එළියට නොපැමිණි නිසා නිවසේ හිමිකරු විසින් ඊයේ (14දා) දහවල් කාමරය විවෘත කර බලන අවස්ථාවේ ඔහුන් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු සිහිසුන්ව සිටි නිසා ඔහුන් රෝහල් ගත කර ඇත.
මියගොස් ඇත්තේ එම සංචාරකයන් රැගෙන ආ බස් රථයේ රියදුරා වන අතර අනෙක් දෙදෙනා බස් රථයේ පැමිණි දෙදෙනෙකු බව පොලීසිය පවසයි. සිහිසුන්ව සිටින දෙදෙනා නුවරඑළිය මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මීට ප්රථමද නුවරඑළිය ප්රදේශයේ සංචාරකයක පැමිණි යුවළක් මස් පිළිස්සූ විෂ ආග්රහණයවීමෙන් මියගොස් තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

