මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ විකිණීමට එරෙහිව සංවිධානය කොට තිබු විරෝධතාවයක් ආවරණය කිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදියෙකුට කිසිඳ හේතුවක් නොමැතිව සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා කණ තුවාල වන ආකාරයෙන් පහර දීමෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලදැයි සඳහන් කරමින් නිදහස් මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.
කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ගේ කණ තුවාල වන ආකාරයෙන් පරහර දීමෙන් හා තමන් අත්අඩංගුවට ගැනීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් තමන්ට රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂඨාධිකරණය තීරණය කළේය.
නිදහස් මාධ්‍යවේදීයෙකු වන මහනුවර අසිගිරියේ පදිංචි සුසන්ත බණ්ඩාර කරුණාරත්න මහතා විසන් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා, පොලිස්පතිවරයා සහ නීතීපතිවරයා ඇතළු 09 දෙනෙකු නම් කොට ඇත.
අගවිනසුරු ප්රියසාත් ඩෙප් සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම සළකා බැලුවේය.