Z Score සමාලෝචනය කරයි - දිස්ත්‍රික් වෙනුවට පාසල් පදනමක්
උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව දැනට සලකා බලන 40%ක කුසලතා පදනම ඒ ආකාරයෙන්ම තබා ගනිමින් දිස්ත්‍රික් කුසලතාවයෙන් සලකා බලන සියයට 55 වෙනුවට පාසල් පදනමක් යොදා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණ, වාණිජ්‍ය හා කලාව යන විශයධාරා ඇති පාසල් 3098 පදනම් කරමින් මෙම පාසල් පදනම සලකා බැලීමට නියමිතය.
එය සළකා බැලීම වෙනුවෙන් තාක්ෂණික කමිටුවක් පත්කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම නව ක්‍රමය මේ වසරේ දෙසැම්බර් පැවැත්වෙන උසස්පෙළ විභාගයට අදාළ නොවන බවත් 2020 වසරේ පැවැත්වෙන උසස්පෙළ විභාගයේදී සළකා බලන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ඒ අනුව නව ලකුණු ක්‍රමය 2021 සරසවි ප්‍රවේශය සඳහා සලකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
aruna Thursday, 12 December 2019 11:12 AM
මෙම ක්‍රමය සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය. සෑම ළමයෙක්ම උපකාරක පෞද්ගලික පන්ති වලින් සමත් වෙන අය. දුප්පත් ළමයන් සදහා නොමිලේ කාඩ්පත් ලබාගත හැක. පහසුකම් වල වෙනසක් නැත.
Reply : 0 0
denin Thursday, 12 December 2019 07:01 PM
උසස් පෙළ සමත්වන සියලු දෙනාම විශ්ව විද්‍යාලවලට බඳවාගන්න නිසා ඔය ඉස්කොර් ක්‍රම එකක්වත් වැඩක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

