රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එය 2017 මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 19.3%ක වර්ධනයකි. 2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 51.5ක ලාභයක් ලබාගෙන තිබිණ.
2018 මුදල් වසරේදී, සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් මිලියන 4334.1එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.6%ක වර්ධනයකි. විකුණුම් පිරිවැය රුපියල් මිලියන 3545.6කි. ආයතනයේ පරිපාලන වියදම රුපියල් මිලියන 495.4කි. 2018 මූල්‍ය වර්ෂයේදී බදු ලෙස රජයට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 20.8කි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි