සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමු බවට මාධ්‍ය සාකච්ජාවකදි අසත්‍ය කරුණු පැවසීම සඳහා බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගත් දෙදෙනාට මුදල් ගෙවු බව කියන ඹෟෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට ඇප ලබාගැනීමට කරුණු දැක්විම සඳහා ඔහුගේ නීතිඥවරුන් මෝසමක් මඟින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) ප්‍රතික්ෂේප කළාය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙයවන රහස් පොලිස් නිලධාරීන් හෝ නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් නොමැතිව සැකකරුට ඇප ලබාගැනීමට කරුණු දැක්වීම සඳහා අවසර දිය නොහැකි බව පවසමින් අදාළ මෝසම ඉවත දැමු මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල කැඳවන ලබන 06 වැනිදා එම කරුණු දැක්වීම කරන ලෙස වැඩිදුරටත් දැනුම් දුන්නාය.
සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමු බවට මාධ්‍ය සාකච්ජාවකදි අසත්‍ය කරුණු පැවසීම සඳහා බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගත් දෙදෙනාට මුදල් ගෙවු බව කියන සිද්ධියට අදාළව සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින ඹෟෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් කාසිම් මොහොමඞ් රූමී මහතාට ඇප ලබාගැනීමට කරුණු දැක්වීම සඳහා කළ ඉල්ලීමක් මෙලෙස ප්‍රතික්ෂේප කෙරිණි.
බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගෙන සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමු බවට මාධ්‍ය සාකච්ජාවකදි අසත්‍ය කරුණු පැවසු බව කියමින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් මේ වන විට රිමාන්ඞ් භාරයේ පසුවන අතර අදාළ මාධ්‍ය සාකච්ජාව සංවිධානය කළ බව කියන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් හෝ ලබා නොගෙනම ඔහු ඇප මත මුදා හැරීමට නියම විය.
එලෙස තිබියදී අසත්‍ය කරුණු පැවසීම සඳහා බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගත් දෙදෙනාට මුදල් ගෙවු බව කියන සිද්ධියට අදාළව සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින ඹෟෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් රූමී මහතාට ඇප ලබාගැනීමට කරුණු දැක්වීම සඳහා ඔහුගේ නීතිඥවරුන් මෝසමක් මඟින් ඉල්ලීමක් කෙරිණි.
ඒ අනුව මෙම පැමිණිල්ල කැඳවනු ලැබු අතර ඒ අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙයවන රහස් පොලිස් නිලධාරීන් හෝ නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් නොමැතිව සැකකරුට ඇප ලබාගැනීමට කරුණු දැක්වීම සඳහා අවසර දිය නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල කැඳවන ලබන 06 වැනිදා එම කරුණු දැක්වීම කරන ලෙස නියම කළාය.