ශ්‍රී නිදහස් පක්ෂ සංවත්සරයට පෙර පක්ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලන බව 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මීට අමතරව වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ විසින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹදී පවත්වනු ලබන විරෝධතා රැලියට පූර්ණ සහයෝගය ලබා දෙන බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
පක්ෂ සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදාට යෙදී තිබුණද, එදිනට සංවත්සරය නොපවත්වන බවට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණඩායම සඳහන් කරන බවද ඔහු පවසා සිටියේය.
කෙසේ වුවද ඉතා ඉක්මනින් පක්ෂ සංවත්සරය පැවැත්වීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
