ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පොතුහැර මහපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යනවද කියල අහන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවෙන් යන්නේ නැහැ. අපේ පක්ෂයෙන් සම්පූර්ණ දායකත්වය ලබා දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා බවට පත් කරන්න.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි සහයෝගය දුන්නේ මේ රට වැටිල තියන තත්ත්වයෙන් ගොඩගන්න.අපේ රටේ ආර්ථික තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක තියෙන්නේ ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තියනවා ඒ නිසා මේ වෙලාවේ පක්ෂ අනුව බෙදෙන එක නෙමෙයි කරන්න අවශ්‍ය සියලු දෙනාම එකතුවෙලා වාමාංශික ප්රගතිශීලී කඳවුර හැටියට මේ රට ගොඩනගන එක.
ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් මේ ආණ්ඩුවෙන් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම මම කියන්න කැමැතියි සමහර ආධුනික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ආවට ගියාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනවා නම් යන්න කියලා කතා කරන්න හදන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ වැඩිම වැඩි වැඩ කොටසක් කරපු දේශපාලන පක්ෂයක් ඒ වගේම මේ රටට හොඳ නායකයින් නායිකාවන් බිහිකරපු පක්ෂයක් පහුගිය කාලේ පක්ෂයේ නරකක් නෙමෙයි
පක්ෂ නායකයින් විසින් ගත්ත තීන්දු වල වරදක් තියෙනවා. ඒක දැන් අපි හදාගෙන තියෙන්නේ ..අපි දැන් ඉන්නේ රට ගොඩනගන තැන
අපි ආණ්ඩුවෙන් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ගියොත් හැබැයි එතරම් පහසු වෙන්නෙත් නෑ. ඒක රටට හොඳ තත්ත්වයක් නෙවෙයි එහෙනම් ආණ්ඩුවට හොඳ තත්ත්වයකුත් නෙවෙයි.”
අලව්ව අධිකාරී මුදියන්සේ