SF පිළිතුරු දෙයි
පාතාල සාමාජිකයන් පස්දෙනෙක් ආරක්ෂක සාමාජිකයන් ලෙස තබාගෙන සිටින බවට ඇමති සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පිළිතුරු දුන්නේය.
“මගේ බොඩිගාඩ්ලා ගැන දැන ගැනිමට අවශ්‍ය නම් පොලීසියේ 17ක් ඉන්නවා. පොලිස් පරීක්ෂකවරුන් 04ක් ඉන්නවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ 4ක් ඉන්නවා. මට පාතාලයෙන් බොඩිගාඩ්ලා ගන්න අවශ්‍යද නැත්ද කියන එක මොළේ කලදක් හරි තියෙන කෙනෙකුට වැටහෙන්න ඕන.
මේ කියපු එක්කෙනෙක්ට අවුරුදු 20කට කලින් නඩුවක් තිබෙනවා. නඩුවකින් වරදකරුවෙක් වෙලා නැත්නම්, මිනීමැරුම් නඩුවකින් ඇප ලැබිලා ඉන්නවානම් අපිට බෑ ඒ වගේ කට්ටිය පැත්තකට දාන්න. මගේ කාර්යාලයේ වැඩ කරන දෙන්නෙක් ඉන්නවා. අමාත්‍ය කාර්ය මණ්ඩලයෙන් ඒ දෙන්නටම රජයේ පඩි ලැබෙනවා. වෙන කවුරුවත් වැඩ කරන්නේ නෑ.
හැබැයි පසුගිය කාලයේදි එස්.ටී.එෆ්. වෙඩි පහරකින් පුද්ගලයෙක් මිය ගියා. ඒ පුද්ගලයාට මිනීමැරුම් නඩු දෙකක් තිබුණා. ජාවාරම් කරලා නෙමෙයි, කුඩු විකුණලා නෙමෙයි, කප්පම් අරගෙන නෙමෙයි. කැළණියේ තිබුණ තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක්.
නයජිත් කියන දරුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේ අයට පාතාලයා කියලා නම් දාලා තමයි අපහාස කරන්නේ. මේ පාතාලයා ඇමතිත් එක්ක වැඩ කරන්නේ කියලා මගේ පිංතූරයකුත් දාලා.
පහුගිය දවස්වල මම පොලීසියට බලපෑම් කරලා තියෙනවා කියනවා. අපි අඳුනන කෙනෙක්ගේ බිරිඳගේ මල්ලි කෙනෙක් අල්ලගෙන ගියා පොලීසියෙන්. එයා කිසිම වරදක් කළේ නැති අහිංසකයෙක් කියලා අපි දන්නවා. මේ තරුණයා එළියට ආවා. එළියට එද්දී ඇස්වලට මිරිස්කුඩු දාලා පොලිතීන් බෑගයක් ඔළුවට දාලා අත්දෙකෙන් එල්ලලා පහරදීලා හොස්පිට්ල් ඇඩ්මිට් කළා.
හොස්පිටල් එකටත් තර්ජනය කරලා. හොස්පිටල් එකෙන් පැනලා ගියා. ගෙදර එන්නේ නැතිව හිටියා සුමානයක්. ඒ වගේ දේවල් වුණාම කොන්ද පණ තියෙනවානම් අපිට බැහැ ජනතාවගේ පැත්ත ගන්නෙ නැතිව නිලඇඳුමට ආවඩලා හරි පොලීසිය පැත්ත අරගෙන අහක බලාගෙන ඉන්න.
පොලිසිය කියන්නේ හොඳ දෙපාර්තමේන්තුවක් වුණාට ඕකෙ ඉන්නවා කප්පම්කාරයෝ, අල්ස්කාරයෝ, මිනීමරුවෝ. මර්වින් සිල්වා කැලණියේ දේශපාලනය කළා වගේ කරන්න මට අවශ්‍ය නෑ. “

popular news
-
Ruwan Friday, 20 July 2018 08:06 AM
ඔබ නිර්බිත රණවිරුවෙක් මෙන්ම ඉතා පැහැදිලි දැක්මක් තියෙන රටට අවශ්‍ය කරන නායකයෙක්. එමනිසා ඉදිරියටත් ඔබගේ ප්‍රතිරූපය විනාස කරන්න උත්සහ කරන පිරිස් වලින් මිදී ඉදිරියටම යන්න. ජනතාව ඔබ සමගයි.
Reply : 17 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
