දැනට දිවයිනේ තිබෙන පෞද්ගලික රෝහල් විසින් විවිධ මිළගණන් යටතේ ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදුකරනු ලබන බැවින් එම තත්ත්වය පාලනය කිරීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ ආයතන මෙම අමාත්‍යාංශය වෙත කැඳවා රැස්වීමක් පවත්වා දැනට අයකරනු ලබන ගාස්තුවල ඒකීයත්වයක් මෙන්ම එම පරීක්ෂණ ගුණාත්මකව හා ඒ සඳහා ගෙවන ගාස්තු අඩුකර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
දැනට අයකරන ගාස්තු ඉතා අධිකවන බැවින් PCR සඳහා රු.6,000/- කටත්, ඇන්ටිජන් පරික්ෂාව සඳහා රු.1,750/- කටත් අඩුකර ගැනීමට එම ආයතනවලට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවෙන් පසුව උපදෙස් දෙන ලදී.
එම ආයතනවල පිරිවැය ව්‍යුහයන් පිළිබඳ තොරතුරු පාරිභෝගික අධිකාරිය වෙත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදි.