කොවිඩ් රෝගියෙක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එම රෝගියාගේ පියා විසින් රාජකාරියට බාධා කරමින් ඔහුට පහරදීමට උත්සාහ කර ඇති බවත් කෙළ ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගිරිඋල්ල පොලිස් වසමේ, පුස්කොලදෙණිය ප්‍ර දේශයේදී මෙම සිදුවිම වාර්තා වී තිබේ. නාරම්මල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්ත මහජන පරීක්ෂකවරයෙකුට මෙම කෙළ ප්‍රහාරය එල්ල වී තිබේ.
අදාළ කෙළ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙවැනි ආකාරයේ සිදුවීමක් පසුගිය වසරේ දෙසැම්බර් 02 බණ්ඩාරගම අටලුගම ප්‍ර දේශයෙන් වාර්තා වූ අතර එහිදී කෙළ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙක් වසර 6ක සිර දඩුවමකට යටත් විය.