ශ්‍රී ලංකා රතු කරුස සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධිකරණයෙන් විශේෂිත ආරක්ෂිත PCR පරික්ෂන සදහා භාවිතා කරණ ලක්ෂ 10 ක පමන වටිනා ඇදුම් කට්ටල 5000ක් ශ්‍රී ලංකා රතු කරුස සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් මහේස් ගුණසේකර මහතා විසින් මහනුවර මහ රෝහලේ අධ්‍යක් වෛද්‍ය සමන් රත්නායක වෙත අද (04) මහනුවර මහරෝහලේදි පරිත්‍යාග කළේය.
මෙහිදි අදහස් දැක්වු මහනුවර මහ රෝහලේ අධ්‍යක් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියේ මෙරට දෙවන වෛරස් සම්බන්ධව පරික්ෂන කරන පරික්ෂකාගාරය මහනුවර මහරෝහලේ ස්ථාපිත කර ඇති බවත් මේ වන විට පිසිආර් පරික්ෂන 15 000 ට අධික ප්‍රමාණයක් කර ඇති බවත් මෙපමණ පරික්ෂන කටයුතු කරන මෙම රෝහලට මෙම ප්‍රමිතියෙන් ඉහල පි සි ආර් පර්ක්ෂන කට්ටල ලබා දිම ගැන ස්තුතිය පිරිනමන බවද එතුමා පැවැසිය.
දිනකට මහනුවර මහරෝහලෙන් පි සි ආර් පිරික්ෂන 200 ක් පමන සිදුකරනු ලබන ඇති බවද රෝහල් අධ්‍යක්වරයා පැවැසු අතර මේ වන විට මහනුවර මහ රෝහලේ වෛද්‍ය සායන වලින් බෙහෙත් ලබාගන්න ක්‍රමවේදයන් පරිගණක ගත කර ඇති බවත් එයින් මහනුවර මහරෝහල සඳහා ප්‍රතිකාර ගැනිමට පැමිණෙන රෝගින්ට ඉතාමත් පහසු වි ඇති බවත එතුමා පැවැසිය.
රතුකුරුස සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් මහේස් ගුණසේකර මහතා සදහන් කර සිටියේ මහනුවර පි සි ආර් පරික්ෂන සදහා මුලින්ම මහනුවර මහරෝහලින් ඇරඹු බවත් ජනතාවට සහනයක් ලබා දිම සදහා ඉතාමත් ප්‍රමිතියෙන් ඉහල පි සි ආර් පරික්ෂන ඇදුම් කට්ටල 5000 ට අධික ප්‍රමානයක් මහනුවර රෝහලට පරිත්‍යාග කිරිම පිළිබදව සතුටු වන අතර ඉදිරියේදි මෙවැනි පරිත්‍යාග මෙම රෝහලට ලබා දිමට රතු කුරුස සමාජය කටයුතු කරනු ලබන බවද එතුමා එහිදි පැවැසිය.