සමාජ මාධ්‍යවල සංසරණය වන “NIKE” සහ “LTTE” ලාංඡනය සහිත සපත්තු යුගලයක වීඩියෝවක් වෙත තම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පවසන්නේ වීඩියෝ පටයේ දැක්වෙන සපත්තු NIKE විසින් නිෂ්පාදනය කර නොමැති බව මේ පිළිබඳව නයිකි සමාගමෙන් කරන ලද විමසීමක දී තහවුරු කර ඇති බවයි.
බුද්ධිමය දේපල අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව සොයා බැලීමටත්, සමාගම් පරිචය අනුව සුදුසු බලාත්මක කිරීමක් සිදු කිරීමටත් විමර්ශනය කරන බව නයිකි සමාගම තවදුරටත් දැනුම් දී ඇත.