MR රජයක් යටතේ මසකින් මහේන්ද්රන් ලංකාවට ගේනවා
ඉදිරියේදී මහින්ද රාජපක්ෂ රජයක් පත්වී මාසයක් ඇතුළත මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රන් ශ්රී ලංකාවට ගෙන්වා බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණෙ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
මහේන්ද්රන් මහතා ශ්රී ලංකාවට ලබාදෙන ලෙස සිංගප්පූරු රජයෙන් රාජතාන්ත්රික ඉල්ලීමක් කිරීමෙන් ඔහු ගෙන්වාගත හැකි බවත්, වත්මන් රජයේ උවමනාවට ඔහු සිංගප්පූරුවේ රැඳී සිටින බවත් සභාපතිවරයා පැවසීය.
මහේන්ද්රන් මහතා ශ්රී ලංකාවට ගෙන්වා නොගැනීම නිසා බැඳුම්කර සිද්ධිය පිළිබඳව අංග සම්පූර්ණ විමර්ශනයක් සිදුකර පරීක්ෂණ අවසන් කිරීමට නොහැකිව තිබෙන බවද ඒ මහතා ප්රකාශ කළේය.
අර්ජුන් මහේන්ද්රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිට යහපාලන රජයේ ආර්ථික ප්රතිපත්ති සකස් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද හෙතෙම පවසා සිටියේය.

popular news
-
Nishantha Perera Tuesday, 14 August 2018 03:16 PM
එතකොට උදයංග වීරතුංග, ජාලිය වික්රමතුංග එහෙමත් ලංකාවට ගේනවද මහාචාර්ය තුමෝ ?
Reply : 0 0
hemantha Tuesday, 14 August 2018 05:26 PM
එතකොට උදයංග?
Reply : 0 0
rocky Wednesday, 15 August 2018 06:37 AM
ඔය ගොල්ලෝ කරලා තියන දේවල් ගැන හිතාපුවාම .. ඔය කියන වැඩේ කවම දාවත් කරන්නේ නැති බව අපට විස්වාසයි! උන්නැහේ ඔය දෙපැත්තේම යාලුවනේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

