MCC ගිවිසුම නොවැ 16ට පෙර අත්සන් කරන්නේ නෑ - ජනපති
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීම නොවැම්බර් 16 වැනිදාට පෙර සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
එම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධව විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (31දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසිණි.
ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රතන හිමියෝ, ජනාධිපතිවරයා විසින් ඒ මොහොතේදීම මංගල සමරවීර අමාත්‍යවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, මෙම ගිවිසුම ඉදිරි දිනකදී අත්සන් කරන්නේදැයි විමසූ අතර, එම ගිවිසුම කිසිදු ලෙසකින් මැතිවරණ කාලසීමාව තුළ අත්සන් නොකරන ලෙස ජනාධිපතිවරයා පැවසූ බවත් පවසා සිටියහ.
ජනාධිපතිවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ එම ගිවිසුම මැතිවරණ කාලසීමාව තුළදී අත්සන් නොකරන බවට පොරොන්දු කරවා ගනිමින් යැයි ජනාධිපතිවරයා පැවසූ බවද රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් විරවංශ මන්ත්‍රීවරයා හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසා සිටියේ, තවත් සති දෙකකින් පසු මෙරට බලයට පැමිණෙන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් බැවින් එවිට මෙවැනි ගිවිසුම්වලට කිසිදු ඉඩක් නොමැති බවයි.
නවෝද්‍යා පවනි/ ඡායාරූප ඉසුරු පෙරේරා



popular news
-
Champa Friday, 01 November 2019 10:19 AM
ඔන්න වැඩ. රට පාවාදෙන MCC ගිවිසුම යන්තම් නතර කර ගත්ත චන්දෙට ඉස්සෙල්ල නේද?. ඒ මොකොද කිව්වා නම් අත්සන් කලොත් ඇමරිකන්කාරයෝ ගන්නේ රනිල්ගේ පැත්තනේ. එහෙම කොහොමද නේද? MCC, SOFA, VFA ගිවිසුම් අත්සන් කරන්න ඕනේ ගෝඨාභය මිසක් රනිල් නෙමෙයි නේද? රනිල්ට අත්සන් කරන්න හොඳ නැහැ. හැබැයි ගෝඨාභයට හොඳයි. පොහොට්ටුව කෙලින්ම කියනව review කරනවා කියල. ගෝඨාභය කිව්වා negotiate කරනවා කියල. ඒ කියන්නේ අත්සන් කරනවා. මහින්ද නම් කවදාවත් රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරනවට කැමති වෙන්නේ නැහැ. දැන් මහින්දගේ වචනෙට පොහොට්ටුවේ ඉඩක් නැහැ. රට රකින මහින්දගේ කඳවුර මේවා කරන්නේ නැහැ. මේවා කරන්නේ ඇමරිකන්ගැති ගෝඨාභයගේ කඳවුර. අපි වහල් ආණ්ඩුවට විරුද්ධව අවුරුදු 5ක් සටන් කලේ මෙහෙම වෙන්න නෙමෙයි. මම මිනිස්සුන්ට සාප කරන්නේ නැහැ. මම සාප කරන්නේ දෙයියන්ට රට ආරක්ෂා නොකෙරුවාට. සජිත් දින්නත් එකයි. ගෝඨාභය දින්නත් එකයි. දෙන්නම මේ ගිවිසුම් අත්සන් කරනවා. ඒ හින්ද නොවැම්බර් 16 ට ඉස්සෙල්ල මහ අකුණක් වැදිලා කතරගම දේවාලේ කුඩුපට්ටම් වෙන්න ඕනේ. කැබිලිත්ත කැලෙත් ගිනිගන්න ඕන. කතරගම දෙවියන්ට පුළුවන් ලංකාව අතෑරලා යන දේවාලෙක වඩින්න. මීට පස්සේ එයාගෙන් වැඩක් නැහැ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

