MCC සමාලෝචන වාර්තාව ගැන ලංකාව ඇමෙරිකාව දැනුවත් කරයි
ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (29දා) මෙම සාකච්ඡාව පවත්වා තිබේ. .
COVID 19 සම්බන්ධයෙන් එක්සත් ජනපද-ශ්‍රී ලංකාවේ සහයෝගය, පුද්ගලික ආරක්ෂක උපකරණ ඇමෙරිකාවට සැපයීම, වෙන්ටිලේටර්ස් යන්ත්‍ර ශ්‍රී ලකාවට ල බාදීම, කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්වූ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 5.8ක සහයොගීතාව, ආක්ෂක කරුණු, ත්‍රස්තවාදය වැළැක්වීම හා ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙහිදී අමාත්‍යවරයා එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් වන සමාලෝචන වාර්තාව, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධාන හා නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට ලබා දුන් සහයෝගයට එක්සත් ජනපදයට ස්තූතිය පුද කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

