LTTEය නැවත ගොඩනැගිය යුතුයි - විජයකලා
දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබේ.
ඒ අද (02දා) යාපනය වීරේශ්වරම් ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය පැවති කාලය තුළ දෙමළ ජනතාව සාමකාමීව සිටි බවත් යුද්ධය නිමාවු 2009 මැයි 18 පසු නැවත එය දැනෙන්න පටන් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තම හිතසුව පිණිස කටයුතු කරනවා විනා දෙමළ ජනතාව පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදු නොකරන බවටද එහිදී චෝදනා එල්ල කර තිබේ.
මෙම උත්සව අවස්ථාවේදී දමිළ ඊළාම් රාජ්‍යයේ සිතියමක්ද ප්‍රදර්ශනය කර ඇති අතර ඒ පිළිබඳ ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.

-
Champa Monday, 02 July 2018 08:13 PM
ARREST this LTTE Tiger-woman Vijayakala Maheshwari under Prevention of Terrorism Act. Why should people pay taxes to maintain this LTTE State Minister of Child Affairs if she promotes terrorism openly? Answer me, Prime Minister. You can't allow her to promote and glorify a terrorist outfit like this. Why can't you arrest her? Is she the new channel through which your government receive LTTE diaspora money? Or are you waiting for someone to deal with her LTTE's way?
Reply : 0 6
රටවැසියා Tuesday, 03 July 2018 11:24 AM
විජයකලාගේ අදහසට එකග නොවුන ද, ඇය ගේ අදහස තුල යම් අර්ථයක් ගැබ්ව ඇත - අපි අපේ නායකයින් දුටුවේ රට-ජාතිය බේරා ගැනීමට පැමිණි සුර-දුතයින් ලෙසයි - නමුත් ඔවුන් උපන්ගෙයි හොර-තක්කඩි රැලකි - ප්රභාරකන් ත්‍රස්තවාදියෙකි එහෙත් හොරෙක්-තක්කඩියෙක් නොවිය, ඔහු ත්රස්තවාදයට යොමු වු යේ තම ජාතියට නිසි තැන ලබා දෙන්නටය - සුරදුතයෙකු නැති තැන, මිනිස්සු යක්ෂයාගේ පිලිසරණ පැතිමට පෙළඹේ!!!
Reply : 1 1
Champa Tuesday, 03 July 2018 05:39 PM
ප්රභාකරන් හොරෙක් තක්කඩියෙක් නෙමෙයිද? ප්රභාකරන් කියන්නේ මස් වැද්දෙක්. අමු අමුවේ මිනිස්සු මරල දාපු, ගැබිණි කාන්තාවන් විතරක් නෙමෙයි බඩේ ඉන්න දරුවොත් මරල දාපු, ගම්වැසියෝ හිතක් පපුවක් නැතුව කපලා කොටල මරපු, සාමනේර හාමුදුරුවරු පිහි වලින් කිනිසි වලින් කඩු වලින් කපල කොටල මරපු බෝම්බ බිම් බෝම්බ කාල බෝම්බ මරාගෙන මැරෙන බෝම්බ ෂෙල් වෙඩි තුවක්කු මිසයිල් මේ හැමදේකින්ම අවුරුදු 37ක් පුරා අමු අමුවේ මිනිස්සු මරපු ලේ පිපාසිත ම්ලේච්ඡයෙක්. මහින්දව ගෙදර යවපු තොපි වගේ සිංහල කොටියන්ට ප්රභාකරන් වගේ මස් වැද්දෙක් හොඳ වෙන එක පුදුමයක් නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

