පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු දෙමළ ජනතාව තුළ සිංහල ජනතාව කෙරෙහි ද්වේෂය කරන ප්‍රකාශ නිකුත් කරන බවත් එය වැළැක්වීම සඳහා විශේෂ පනතක් ගෙන එන බවත් එක් එක් අයගේ අවශ්‍යතා මත ඕන ඕන විදිහට එල්ටීටීඊ සංවිධානය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමට නොහැකි බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මහනුවර දී පැවසීය.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ පෙරේදා (16) සවස මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
“එල්ටීටීඊ සංවිධානය වැනි ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් සම්බන්ධයෙන් ප්රශංසාත්මකව කතා කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කරනවා. එවැනි දේ මින් ඉදිරියට සිදු නොකිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නාවා. හිට්ලර් සහ නාසි හමුදාවන් සම්බන්ධව ප්‍රශංසා මුඛයෙන් ජර්මන් පාර්ලිමේන්තුවේ කතා කළහොත් සිර දඬුවම් විඳීමට සිදුවනවා.
පාර්ලිමේන්තුව තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධාන වල ගුණ වයමින් එක් ජන කොටසක් කුපිත කිරීමටත් තවත් ජන කොටසක් නොමග යැවීමටත් ඇතැම් මහජන නියෝජිතයන් කටයුතු කරනු ලබන ආකාරය පසුගිය කාලය පුරා දක්නට ලැබුණා.” යැයි ඒ මහතා අවධාරණය කළේය.
ෂේන් සෙනෙවිරත්න