LTTE සිරකරුවෙකුට නාමල්ගෙන් නිවසක්
මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ. මන්ත්රීවරයා බන්ධනාගාරගතව සිටින විට හමුවූ සිරකරුවෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම නිවස ඉදිකර දිමට නියමිතය.
ඊයේ දිනයේදී කිලිනොච්චියේදී ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය හමුවීමටත් කටයුතු කෙරිණි. මන්ත්රීවරයා මේ වන විට උතුරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට ගොස් සිටියි.



popular news
-
Champa Monday, 14 January 2019 12:07 PM
මේක තනිකර චන්ද ගුණ්ඩුවක්. මම දැක්ක ගිය අවුරුද්දේ පත්තරේක තියෙනවා ආබාධිත සෙබලෙක් ගේ දුක් ගැනවිල්ලක්. රණවිරු සෙවනෙන් වගේ මතක, ණයක් ගන්න බැලුව ගෙයක් හදා ගන්න. ඒක බැරිවුනා කියලා. පින්තූරෙකුත් දාල තිබුන. නාමල් පහුගිය දවස් වල LTTE ත්රස්තවාදී සිරකරුවෝ නිදහස් කරන්න ඕනේ කියලා කියපු මිනිහෙක්. TNA එකට පොරොන්දු දුන්නට TNA එක ඒකට එකඟ වුනේ නැහැ. ඔය දෙමල ත්රස්තවාදීන්ව කොටු කර ගන්න අපේ හමුදාවේ මිනිස්සු ජීවිත පූජා කළා, හුඟක් මහන්සි වුනා. අවුරුදු 4 තිස්සේ හමුදාවේ මිනිස්සු හිරේ ඉන්නවා නොයෙකුත් වැරදි කළා කියලා මහින්දගේ ධූර කාලේ. ඒ මිනිස්සු ගැන කතාවක් නැහැ. LTTE ත්රස්තවාදීන්ගේ උදව්වෙන් දෙමල චන්ද ගන්න හදන නාමල් වගේ මිනිස්සුන්ට කිසි විදිහකින් සහයෝගය දෙන්න හොඳ නැහැ.
Reply : 0 3
Champa Monday, 14 January 2019 05:33 PM
මිනිස්සු කියනව මහින්ද උතුරට 13 දෙනවා කියල පොරොන්දු වුනාලු. නාමල්ගේ චන්ද පොරොන්දුව තමයි LTTE ත්රස්තවාදීන්ව නිදහස් කරන එක. දැනටම LTTE එකට සහයෝගය දෙන සෑහෙන පිරිසක් ලංකාවට ඇවිල්ල තැන තැන වල පදිංචි වෙලා ඉන්නවා. ඒ ගැන හමුදාව ඇහැගහගෙන ඉන්න ඕනේ. නැත්නම් හදිසියේ කවද හරි එකපාරට නැගිටීමක් වෙන්න පුළුවන්. රාජපක්ෂලා බේරලා අනිත් මිනිස්සු, අනිත් සිංහල නායකයෝ ඔක්කොම මරයි. ඊලඟට චන්දයක් එනවා. එතකොට LTTE එකට පක්ෂ මිනිස්සු දිනවන්න LTTE කාරයෝ රට පුරා බෝම්බ පුපුරවයි. LTTE diaspora එක මෛත්රියි රනිල්වයි බලයට ගෙනාවේ ප්රධාන වශයෙන්ම හිරේ ඉන්න දරුණු LTTE කාරයෝ නිදහස් කරගන්න. ඒක හරි ගියේ නැති නිසා ඊළඟ එහෙම කරනවා කියන මිනිස්සුන්ට දෙමල චන්ද අරන් දෙන්න හදයි. හැබැයි 2015ත වඩා දැන් හුඟක් දේවල් වෙනස්. රටට අහිතකර වෙන දේවල් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොන විදිහකින් හරි වලකිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

