ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් 15 දා ශ්‍රී ලංකාවට පැමිණියමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා පැවැත්වීම සඳහා ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ඔක්තෝබර් 26 දා ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදයත් සමග අදාළ ණය මුදල ලබාදීමේ සාකච්ඡා තාවකාලිකව නවතා දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ලෙස පත්වීමෙන් පසුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතුළු පිරිසක් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටින් ලැගාඩ් මහත්මිය සමගද සාකච්ඡා පැවැත්වීය.
එහිදී ඇතිවූ එකඟතා අනුව මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙයි.
තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණයක් ලබාදෙන අතර අවස්ථා හතරකදී මේ දක්වා එයින් ඩොලර් මිලියන 759.9 ණය මුදලක් මුදාහැර ඇත. මෙහි පස්වැනි අදියර වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.