සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය GIT) - 2018 විභාගය පළමු වරට ඔක්තෝබර් 14 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව විභාග මධ්‍යස්ථාන 656 කදී අයඳුම්කරුවන් සඳහා මෙම විභාගය පැවැත්වෙනු ඇත.
මෙහිදී විදේශගතව සිටින සිසුවෙකු සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.
විභාගය සඳහා අයඳුම්කරුවන් 186,262 ක් පෙනී සිටිමට නියමිතයි.
විශේෂ අවශ්‍යතා සහිත අයඳුම්කරුවන් සඳහා ද මෙම විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා තිබේ.
විභාගයට පෙනී සිටිමේ දී අනන්‍යතාවය තහවුරු කිරීම හෝ විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුණුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි.
අයඳුම්පත් ඉදිරිපත් කළ විභාග අපේක්ෂකයින්ට පමණක් මෙම විභාගය සඳහා පෙනී සිටීමට හැකියාව ලැබෙනු ඇති අතර, තමන්ට ලැබී ඇති ප්‍රවේශ පත්‍රයේ නියමිත දින දීම නියමිත වේලාවට විභාගය සඳහා පෙනී සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.
විභාග පරිපාලන කටයුතු සඳහා කාර්යා මණ්ඩලය මේ වන විටත් පත් කර ඇති අතර දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 99 ක් සහ තාක්ෂණ අධීක්ෂණ කණ්ඩායම් ස්ථාන ගත කර තිබේ.
විභාගය සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය විය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ක්ෂණික ඇමතුම් - 1911
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ මෙහෙයුම් මැදිරිය - 0113 66 11 22
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 0112 78 42 08 / 0112 78 45 37 / 0113 18 83 50 / 0113 14 03 14
