'මුහුණුපොත' හෙවත් 'ෆේස්බුක්' හරහා සංවිධානය කරන සාද සියල්ලම දැඩි පරීක්ෂාවකට ලක්කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
මෙවැනි බොහෝ සාද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වන අතර, එම සාදවලට පැමිණෙන පිරිස් වෙත විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හෙළිවීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙම උපදෙස් ලබාදී ඇත.
මේ අනුව මුහුණුපොත හරහා සංවිධානය කරන සාද තම පොලිස් බලප්‍ර‘දේශයේ පැවැත්වෙනවාද යන්න නිරතුරුවම සොයා බලන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, ඒවා පැවැත්වෙන්නෙ නම්, එම ස්ථාන පරීක්ෂා කරන ලෙසදපොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.
පරීක්ෂා කිරීමේදී අදාළ ස්ථානවල විෂ මත්ද්‍රව්‍ය හෝ එම ස්ථානවල නීතිවිරෝධී කටයුතු සිදුවනවානම්, අදාළ සාදය සංවිධානය කළ පිරිස්, ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් පිරිස් සහ සාදයට සම්බන්ධ වී සිටින පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ඒ මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.