එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) තැන්පත්කරුවෝ තම තැන්පතු මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (06දා) විරෝධතා පාගමනක නිරත වූහ.
ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ දක්වා මෙය පැවැත්වුණු අතර, ETI තැම්පත්කරුවන් සුරැකීමේ සංවිධානය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
මෙහිදී මෙම තැම්පත්කරුවන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී මහ බැංකු අධිපති ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වී ලබන 14 වැනි දින උදෑසන 9.00ට තැන්පත්කරුවන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදුන් බව එම සංවිධානයේ සභාපතිනි ආනූෂා වසන්ති මහත්මිය පවසා සිටියාය.
තැන්පත්කරුවන්ගේ මුදල් කොටස් වශයෙන් හෝ ගෙවන ලෙසත්, මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදුකරන ලෙසත් සභාපතිනිය නව රජයෙන් ඉල්ලා සිටියාය.
ෂවින්ද්‍යා එරන්දතී / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
VIDEO