ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව හා විධායක සේවාවලට ඇති වී තිබෙන වැටුප් හා දීමනා ගැටලු විසඳා ගැනීමට මේ මස 04 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පළමු වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස රෝහල්වල වැඩකටයුතුවලට බාධා නොවන ආකාරයට වෛද්‍යවරුන් දහසක් මේ මස 04 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මීට සමගාමීව කොළඹ නගරයේදී විරෝධතා රැලියක් පවත්වන බවත්, එම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.
