එළඹෙන 09 වැනිදායින් පසුව නැවතත් වැසි සහිත කාලසීමාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හෙට දිනයේදී කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද එහි දැක්වේ.
මේ අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව එම නිවේදයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.