දෘශ්‍යාබාධිත රණවිරුවන් වෙනුවෙන් රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන ලද I to eye පරිගණක පුහුණු වැඩසටහන සාර්ථකව නිමකළ පළමු කණ්ඩායම වෙනුවෙන් සහතිකපත් ප්රදානය කිරීම අද(24දා) මාණ්ඩලික ප්‍රධානී රියාද්මිරල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්රධානත්නවයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
දෘශ්‍යාබාධිත රණවිරුවන් 20 දෙනෙකු මෙලෙස සහතිකපත් ලබාගත් අතර පරිගණක පාඨමාලාවේ ගුරුවරයා ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු පෙළ උපාධිධාරියකු වූ සංඛ හසින්ත මහතායි.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි උපුලාංගනී මාලගමුව මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායා - ශමීර රාජපක්ෂ