4කට මරණ දඬුවම දෙන්න දිනය තීන්දු කර අත්සන් කළා - ජනපති
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා දිනය තීන්දු කර අත්සන් කර අවසන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා අද (26දා) පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ ජනාධිපති ලියවිල්ලක් අත්සන් කරන්න තිබෙනවා. ඒක අත්සන් කළා. මේ අය තනිකරම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය. විකිණීම, පිටරටින් ගෙන්වීම, අලෙවිකිරීම, බෙදාහැරීම ඔකකොම ඒ අය කරපු අය.
ඒ අයට දැනුම් දීලත් නෑ. තියෙන නීතියේ හැටියට ඒ අයට දැනුම් දුන්නාම අභියාචනා කරන්න පුළුවන්. මරණ දඬුවමට මම අත්සන් කළ අයට දන්වපුවාම ඒ අයට අභියාචනා කරන්න පුළුවන් නැවත මට. ඒක ඒ අය කරයිද මම දන්නේ නෑ. ඒ අයට අයිතියක් තිබෙනවා මට අභියාචනා කරන්න.”

popular news
-
shan Wednesday, 26 June 2019 10:58 AM
මොලේ පැදුන වෙලාවේ ඔය ඉන්න සේරගේම ලිපි ටික අත්සන් කරලා භාර දෙන්න චන්දෙට කලින් වැඩේ ක්ලෝස් කරලා දාන්න මොකද යනකොට කරපු හොදක් තියෙන්න එපැය පස්සේ අපට කියන්න
Reply : 0 2
Daham Wednesday, 26 June 2019 01:17 PM
අභියාචනා කලහම මම අත්සන් කරපු ලියවිල්ල ඉල්ලා අස්කරගන්නවා . මේවා නොවන දේ .
Reply : 0 1
Champa Wednesday, 26 June 2019 05:58 PM
අන්තිම චේදය කියව්වහම තේරෙනවා කරන්න හදන දේ. දේශපාලනයේ නමක් ගන්න හිතාගෙන මරණ දඬුවමට අත්සන් කරනවා. හැබැයි ඒ එක්කම ඒ හැමෝටම කියනව අභියාචනා ඉදිරිපත් කරලා නැත්නම් එහෙම කරන්නලු. ඊට පස්සේ මරණ දඬුවම දීපු මිනිහ්ටම අපරාධකාරයෝ අභියාචනා කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම අවුරුදු 4ක් තිස්සේ කිසි අවහිරයක් නැතුව කරන්න ඉඩ දීල, ඒවා නවත්තන්න කිසිම නීතියක් ගේන්නේ නැතුව තනිකරම දේශපාලන ප්‍රතිරූපය නග්ගගන්න, ඇයි ලංකාවේ ඉන්නවනේ නමට බෞද්ධයෝ මිනිස්සු එල්ලනවට කැමති, ඒ හරහා නමක් ගන්න කරන වැඩක්. රටට අලුත් නීතියක් ගෙන්න ඕනේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම් නියම කරලා ඉන්න මිනිස්සුන්ට අභියාචනා කරන්න පුළුවන් අවුරුදු 40ක් හිරේ හිටියට පස්සේ විතරක් කියල. මේ රටේ අපරාධ කරන්න මිනිස්සු බය නැත්තේ දෙන දඬුවමෙන් මිදෙන්න වෙනත් බොහෝ පාරවල් තියෙන නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

