එක්ස් කිරණ දළ සේයා පටවල පවතින හිඟකම නිසා බොහෝ රෝහල්වල එක්ස් කිරණ පරීක්ෂණ කටයුතු දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
ශික්ෂණ රෝහල්, මහ රෝහල් ඇතුළු රෝහල් එකසිය විසිපහකට වැඩි ප්රමාණයක එක්ස් කිරණ පරීක්ෂණ කටයුතු කරන බවද රෝහල් බලධාරීහු පෙන්වා දෙති.
දළසේයා පටළවල පවතින හිඟකම නිසා සමහර රෝහල්වලසායනික රෝගීන් සම්බන්ධ එක්ස්කිරණ පරීක්ෂණ කටයුතු නවතා දමා තිබෙන බවද වාර්තා වේ.
දළසේයා පටල සෙන්ටිමීටර් 24 x 34, 35 x 43, 35x 35, 30 x 40 සහ 18 x 24යන ප්රමාණ පහකින් ප්රධාන වශයෙන් භාවිත කරන බවත්, මෙම ප්රමාණවලින් සෙන්ටිමීටර් 35 x 35 හා 35 x 43 දළ සේයා පටලවල උග්ර හිඟයක් ඇති වී තිබෙන බවත් සඳහන් වේ.
මේ නිසා රෝහල් වාට්ටු රෝගීන්ට පවා එක්ස්රේ පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකරගැනීමට සිදුව තිබේ.