දෙවැනි ජුවාම් පාවුලු සහ විසිතුන් වැනි ජුවාම් යන පාප්වහන්සේලා දහස් ගණනක් වූ ජනකායක් මැද පළමු වැනි ෆ්රැන්සිස් පාප් වහන්සේ විසින් ශාන්තුවරුන් ලෙස ප්රකාශයට පත්කිරීම අද (27දා) වතිකානුවේදී පැවැත්විණි.
20 වැනි සිවයසේ පහළ වූ ශුද්ධෝත්තම හිමිපාණන් දෙපළක් වූ දෙවැනි ජුවාම් පාවුලු සහ විසිතුන් වැනි ජුවාම් පාප්වහන්සේලා ශාන්තුවරයන් බවට පත් කිරීමේ දේවමෙහෙය අවස්ථාවේදී ෆ්රැන්සිස් පාප්වහන්සේ කියා සිටියේ ඔවුන් 'නිර්භීත මිනිසුන්' බවයි.
හිටපු බෙනඩික්ට් පාප්වහන්සේද මෙම අවස්ථාවට සහභාගි වූහ.