මොරටුව අඟුලාන හන්දියේදී මීට සුළු වේලකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් ත්රිරෝද රථ රියැදුරකු මියගිය ගොස් ඇත. යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔහුගේ බෙල්ලට සහ පපුවට වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කර ඇත.වෙඩි පහරින් මිය ගොස් ඇත්තේ අගුලාන පල්ලිය පාරේ පදිංචිව සිටි 35 හැවරිදි ශ්රිමාල් පෙරේරා නමති තරුණයෙකි.සිද්ධිය පිලිබදව පොලීසිය පරීක්ෂන සිදුකරන අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර මරණ පරීක්ෂණය සදහා කළුබෝවිල රෝහලේ තැම්පත් කර ඇත.