ආසියානු දේශපාලන පක්ෂයන්හි ජාත්‍යන්තර සමුළුවේ සභාපතීත්වය ලංකාවට හිමිවීම තුළ ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ශක්තිමත්වන බව නියෝජ්‍යය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ආසියානු දේශපාලන පක්ෂයන්හි ජාත්‍යන්තර සමුළුව හෙට (19දී) කොළඹදී ආරම්භවන බවත්,ආසියානු කලාපය නියෝජනය කරන රටවල් 32 ක දේශපාලන පක්ෂ හා දේශපාලන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් 200 දෙනෙකු එයට සහභාගීවීමට නියමිතබවත් ඒ මහතා අද (18දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.