ශ්රී ලංකාවේ 6වැනි අධිවේගී මාර්ගය ලෙසින් රුවන්පුර අධිවේගී මාර්ගය (රත්නපුර අධිවේගී මාර්ගය) ඉදිකිරිමට සැලසුම්කරමින් තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
මෙම අධිවේගී මාර්ගය දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට නියමිතය. අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 78.1ක් බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
මෙම මාර්ගයට හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර (කුරුවිට) තිරුවන්කැටිය යන හුවමාරු පිවිසුම් අන්තර්ගත වෙයි. මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේදි ආරම්භ කිරීමට නියමිත අතර එය 2019 වසරේදී අධියර තුනකින් ඉදිකර අවසන් කිරීමට නියමිතය. මේ හරහා කොළඹ සිට රත්නපුරට විනාඩි 45කිනුත්, කොළඹ සිට පැල්මඩුල්ලට පැයක කාලයකිනුත් ගමන්කළ හැකි බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.