ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් පසුගිය සිකුරාදා පාර්ලිම්න්තුවේ හැසිරුණු ආකාරය සටහන්වී ඇති වීඩීයෝ දර්ශන කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (31) දිනයේදී නිරීක්ෂණය කර තිබේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු කාර්යමණ්ඩලයද එම අවස්ථාවට එක්ව ඇත.
එක් කැමරා කෝණයක සටහන්ව ඇති වීඩියෝ දර්ශන පමණක් මෙහිදී නිරීක්ෂණය කර තිබෙන අතර, අනෙකුත් කැමරා කෝණවල සටහන්වී ඇති දර්ශන පසුව නිරීක්ෂණය කිරීමට තීරණය වී තිබේ.
එම දර්ශනද නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු සම්ප්රදායට පිටින් යමින් හැසිරුණු මන්ත්රීවරුන් සම්බන්ධව ඉදිරි ක්රියාමාර්ග ගැනීමටද එහිදී තීරණය වී තිබේ.
පසුගිය සිකුරාදා පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව කල්තැබූ අවස්ථාවේදී ප්රියංකර ජයරත්න මන්ත්රීවරයා කථානායක අසුනේද,ප්රසන්න රණතුංග මන්ත්රීවරයා ජනාධිපතිවරයාගේ අසුනේද වාඩිවෙමින් ඒකාබද්ධ විපක්ෂයේමන්ත්රීවරුන් විසින් වෙනම සභාවක් කැඳවා තිබිණි.
මන්ත්රීවරුන්ට කැඳවීමේ සීනුව නාද කර තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රීවරයා විසිනි. ප්රසන්න රණවීර හා රංජිත් ද සොයිසා යන මන්ත්රීවරුන් විසින් එහිදී සභාව අමතා තිබිණි.