දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් 26 දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.