බම්බලපිටියේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිය දොස්තර නිමල් ගමගේ මහතා එළඹෙන 25දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. මෙම රූපලාවන්‍යාගාරයේ ප්‍රතිකාර ලබාගත් දොස්තරවරියක් මිය යෑම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයේ සිටියි.
සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තාව තවම ලැබී නොමැති අතර ඔහුට ඇප දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කළේය.