බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවත්, මේ හේතුවෙන් අනිද්දා (24දා) සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අනිද්දා (24දා) සිට උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිලීටර් 100ක් පමණ වූ තද වැසි ඇතිවිය හැකි බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව හෙට (23දා) දිනයේදී බස්නාහිර, වයඹ, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
මේ මස 25 වැනිදා සිට දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට තද වැසි, ගිගුරුම් සහිත වැසි, තද සුළං ඇතිවිය හැකි බවත්, මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු වියහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.