හොඳම දේ දරුවන්ට ලබාදෙන බව පවසමින් යන යන තැනදී හමුවන දරුවන් සිපගන්නා ආඩම්බරකාර තාත්තා රජරට විශ්වවිද්‍යාලය තුළ ඇති වී තිබෙන සිසු ගැටලුවට විසඳුම් ලබාදීම පසෙකලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මර්දනය කිරීමට කටයුතු කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා සඳහන් කළේය.
රජරට විශ්වවිද්‍යාලය තුළ ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීමට එරෙහිව ඊයේ (23දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැති විරෝධතාවට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ නජිත් ඉන්දික මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ අධ්‍යාපන සුභසාධනය කප්පාදු කරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මහපාරට ඇද දමා තිබෙන බවයි.
ශිෂ්‍යයන් මහපාරට ඇද දමා දින 226 ක් ගත වී තිබෙන බවත්, විශ්වවිද්‍යාලය වසා අදට දින 20කට වඩා කාලයක් ගත වී තිබෙන බවත් පැවසූ ඔහු, එහෙත් රටේම දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා තවමත් ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද සඳහන් කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා