අවසර 219 කට පමණයි
ඌව පළාත් සභා මැතිවරණයට අදාළව මොණරාගල දිස්ත්රික්කයෙහි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රචාරක පක්ෂ කාර්යාල 219 කට පමණක් අනුමැතිය ලබාදී තිබුණත්, මේ වනවිට එම පක්ෂය ප්රචාරක කාර්යාල 970 ක් එම දිස්ත්රික්කයෙහි පවත්වාගෙන යන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට පක්ෂ කාර්යාල 163 කටත්, ජනතා විමුක්ති පෙරමුණට පක්ෂ කාර්යාල 73 කටත්, එක්සත් ලංකා පක්ෂයට කාර්යාල 105 කටත්, කම්කරු පක්ෂයට කාර්යාල 133 කට නිල අනුමැතිය ලබාදී තිබෙන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා සඳහන් කළේය.