අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති ධුරය දරන සමයේදී ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි හෝටල් තුනකඑකම දිනයකදී නැවතුණු බව දක්වමින් රුපියල් 526,000ක් ගෙවා ඇති බවට මහබැංකුව සිදුකළ අභ්‍යන්තර විගණන වාර්තාවකින් පෙන්වා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
2016 වසරේ මාර්තු 16 වැනිදා පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමුළුවකට සහභාගිවීම සඳහා ගොස් මේආකාරයට එකම දිනකදී හෝටල් තුනක් සඳහා බිල් ඉදිරිපත් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මීට අමතරව එම වසරේ අප්‍රේල් 11වැනිදා සිට 14 වැනිදා දක්වා ඩුබායිහි හෝටලයක නැවතුණු බවට සඳහන් කරමින් රුපියල් 542,000ක් ගෙවූ බිල්පත් ඉදිරිපත් කර තිබෙන බවත්, එම සංචාරය සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඩුබායිවලට ගොස් ඇත්තේ 12 වැනිදා සවස බවත් ගුණවර්ධන මහතා කියා සිටියේය.
පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.