පාසල්වලට ක්‍රීඩා උත්සවවලට සහභාගී විය හැකි වයස අවුරුදු 20ක් ලෙස සීමා කිරීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
මෙතෙක් කලක් ක්‍රීඩා තරග පැවැත්වීමේ වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩා ඉසව් පැවැත්වූ බවත්, මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කළ නව චක්‍රලේඛයට අනුව එම ක්‍රීඩා ඉසව්ව 20න් පහළ බවට පත්ව තිබෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ නිසා ක්‍රීඩා තරගවලට පුහුණු වූ විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
පැවැති ක්‍රමයට අනුව 11න් පහළ සිට 13න් පහළ 15න් පහළ, 17න් පහළ 19න් පහළ හා 21න් පහළ වශයෙන් ක්‍රීඩා ඉසව් පැවැත්විණි. එහෙත් නව ක්‍රමයට අනුව 12න් පහළ 16න් පහළ 18න් පහළ හා 20න් පහළ ලෙස ක්‍රීඩා ඉසව් වෙනස් කර ඇත.