මාලඹේ අහෝසි කරන්න හෙළ උරුමයේ සහාය
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉවත් කර ගැනීම සඳහා පූර්ණ සහාය ලබාදෙන බව ජාතික හෙළ උරුමය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන සමග අද (26දා) පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ සයිටම් ආයතනය පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කෙරිණි.
ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, එම පක්ෂයේ අධ්‍යාපන අනුමණ්ඩල සභාපති බෝසෙත් කළහේපතිරණ ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු ශිෂ්‍ය නියෝජිතයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
සයිටම් ආයතනයට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධව දේශපාලන පක්ෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන යටතේ මෙම සාකච්ඡාව පැවැත්වූ බව රයන් ජයලත් මහතා මෙහිදී පැවසීය.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සහ මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධව තම පක්ෂය විරුද්ධ ස්ථාවරයක පසුවන බව අනුරුද්ධ ප්‍රදීප් මහතා මෙහිදී සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
