මාතර මිරිස්ස උඩුපිල ප්රදේශයේ පදිංචි කාන්තාවක සිය නිවසේදී ගෙල වැලළාගැනීමෙන් සිය දිවි හානි කරගෙන ඇතැයි වැලිගම පොලීසිය පවසයි.
අදාළ සිද්ධිය පිළිබඳ මරණ පරීක්ෂණය මාතර වැඩබලන මහේස්ත්රාත් ශර්ලි ජයවීර මහතා විසින් අද (24දා) සිදු කරන ලදී. එහිදී ඔහු මේ මරණය සැකසහිත මරණයක් බවට නිගමනය කිරීම හේතුවෙන් සිරුර මරණ පරීක්ෂණයට යොමුකොට වාර්තාව අධිකරණයට ලබාදෙන ලෙස පොලීසියට නියෝග කෙරිණි.
වැලිගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.