දිනපතා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ සහ ලංකාදීප මැරපෙරදිග වෙබ් අඩවියේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උබේසේකර හෙන්නායක මහතා ඊයේ (17) සවස අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 65 වැනි වියේ පසු විය.
පුවත්පත් කලා ක්ෂේත්රයේ දිගුකාලීන අත්දැකීම් ඇති හෙන්නායක මහතා නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. රුසියාවේ මොස්කව් නුවර ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඔහු ඉතිහාසය, ජාත්‍යන්තර දේශපාලනය හා විශ්ව සාහිත්‍ය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගවේශන සිදු කළේය.
ටෝල්ස්ටොයිගේ අන්තිම දවස්, හිට්ලර් පොල්පොට් සහ ඉඩි අමීන්ලා, හිට්ලර් නම් පොත් ගුල්ලා, නවකතා ලියන හැටි සහ ඔහු ලෝරන්ස් නම් විය යන කෘති ඔහු විසින් රචිතය. උබයසේකර හෙන්නායක මහතා අවසන් වරට රචනා කළ ‘උගන්ඩාවේ ඉඩි අමීන්‘ කෘතිය පසුගිය වසරේ සාහිත්‍ය මාසයේදී එළි දැක්විණි.
හෙන්නායක මහතා 1987 වසරේ සිට ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සේවය කළේය.