www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (16) සවස උද්ඝෝෂණයක නිරත වූහ.
ජාතික නායකයන් දඩයම් කිරීම වහා නවතනු මැයෙන් පැවැති මෙම උද්ඝෝෂණයට එක්කර තිබූ විරෝධතා පුවරුවල ‘බටලන්දේ පෙරහුරුවට අපි බය නෑ’, ‘අධිකරණය නොමග යවන FCID ලොක්කන්ට අනාගතයේදී දඬුවම්’, ‘හිට්ලර්ගේ ගෙස්ටාපෝ රනිල්ගේ FCID’ , ‘සිපිරි ගෙයයි මැතිසබයයි රට වෙනුවෙන් දෙකම එකයි’,’බැඳුම්කර හොරා නඩු අසයි දඬුවම් දෙයි’ යන වදන් සඳහන් විය.
ජාතික නිදහස් පෙරමුණේ නායකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පද්ම උදය ශාන්ත, මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු සහ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප-ශමීර රාජපක්ෂ
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd