2030දී කැළණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර හරහා හම්බන්තොටට
කැළණිවැලි දුම්රිය මාරගය අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා දීර්ඝ කිරීමේදී දැනට දුම්රිය මාර්ග, මහා මාර්ග ලෙස සකසා ඇති නිසා ඒවා විතැන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කොමිසමක් පත්කරන ලෙද දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. ගුණසිංහ හහතා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රජයේ භෞමික සැලැස්මේ දැක්වෙන ආකාරයට 20230දී කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ල සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති බව එම ලිපියෙන් පෙන්වා දෙයි.
අවිස්සාවෙල්ල් දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කළ යුතුව ඇතැයිද ඒ අනුව එම දුම්රිය ස්ථානයේ දුම්රිය පහක් නැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා යොමු කළ ලිපියේ දැක්යෙි.
කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරිම සම්බන්ධව සොය බැලීමට යෝජනා කරන කොමිෂම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියේජ්‍ය ප්‍රධාන ඉංජිනේරු පී.ජේ. ප්‍රෙමතිලක මහතා පත්කිරීම සුදුසු බවද එම ලිපියේ දැක්වෙයි.
popular news
-
ලමය Monday, 05 June 2023 11:47 AM
පත්තර කාරයො පුරුදු විදියටමිනිසුන්ට දවල් හීන පෙන්නනව
Reply : 0 0
Kumar Monday, 05 June 2023 03:53 PM
kathawa dolawen kiyana eka aththa. maywani mahaparimanaye vyapruthiyak karnna kalin addhanayak karanna oney. humbuntota saha ratnapura athara gaman karanna mageen pramayath labena ardhayamath balanna oney. ara mokankda kasaganna niyapoththak nithiwa inna ayata kohenda mudal. Ah cheenen nayak ganna wenna athi adahasa.
Reply : 0 0
දවල්හීන Monday, 05 June 2023 11:57 PM
කොමිසම පත්කර කටයුතු කරනකොට ලිපියේ තියෙන විදියට 20230 පමණ වේවි කියලා හිතෙනවා 2030 ට නම් තවත් තියෙන්නෙ අවුරුදු හතකට අඩු කාලයක් නිසා ඕක කරයි කියලා හිතන්න බැහැ
Reply : 0 0
Hemal Tuesday, 06 June 2023 03:26 AM
සිහින සහ සුරංගනා කතා පමණි. මාකුබුර - කොටුව double line project එක නතර කල වියත්මගේ කට්ටිය සහ පාලකයා ගේ කට්ටිය ඒ වෙලාවේ කට පියාගෙන ඉදලා දැන් සුරංගනා කතා ලියනවා. අපි රවටෙන්නම්කො . youtube ගිහින් කැලණිවැලි double line project බලන්න. කොටුව - පාදුක්ක අතර road crossing 200 ගානක් . කොටුව අවිස්සාවේල්ල අතර වේගසිමා 10 km /h , 15 km / h . රත්නපුරට යන්න 5 - 7 hours යන කොච්චි මොටද? ඉස්සෙල්ලා තියන පාර හදල පෙන්නන්න . බඩු ගෙනියන්න කොස්ගම (පුගොඩ හරහා) කැලණිය ට යෝජිත පාර හදලා කණු මතින් හෝ speed යන්න මාකුබුර - පාදුක්ක - කොටුව line එක සoවර්ධනය කරන්න. බොරුවට පිලි ටිකක් හයි කරලා 10 km වේගයෙන් කොච්චි දුවලා මොකටද? මාලබේ - කොටුව ජපන් ආධාර LRT එක නතර කලෙත් මේ සුරංගනා කතා කියන අයම කියලා අමතක කරන්න එපා
Reply : 0 0
නිහාල් Wednesday, 07 June 2023 02:35 PM
කොන්ඩෙ බැඳපු චීන්නුන්ට ඕව කියාපන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

