2015 වසරේදී එච්.අයි.වී. ඒඩ්ස්වලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකරගැනීම සඳහා ක්‍රියාත්මක වන 05 අවුරුදු සැලැස්ම මේ මස 30 වැනිදා එළිදක්වන බව ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
2018 සිට 2022 දක්වා කාලය තුළදී මෙම පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වැයවන බවට ගණන් බලා තිබේ.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම හරහා 2025 වසරේ සිට එච්.අයි.වී. ආසාදනය වීම හා ඒඩ්ස් මරණ සිදුවීම වළක්වාගැනීමට හැකියාව ලැබෙන බවද ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
මේ වසරේ ගෙවීගිය කාලය තුළදී පුද්ගලයන් ලක්ෂ 11කගේ ලේ පරීක්ෂා කිරීම් සිදුකර තිබෙන අතර, එම පරීක්ෂා කිරීම්වලට අනුව එච්.අයි.වී. ආසාදිතයන් 226 දෙනෙකු හා ඒඩ්ස් වැලඳුණු රෝගීන් 30 දෙනෙකු සොයාගෙන තිබේ. මේ වසර අවසන් වනවිට පුද්ගලයන් ලක්ෂ 12කගේ ලේ පරීක්ෂා කිරීමට හා ලබන වසරේදී පුද්ගලයන් ලක්ෂ 14කගේ ලේ පරීක්ෂා කිරීමටද සැලසුම් කර ඇත.