ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ගියත් නැතත් 2020 වනතෙක් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව දමිළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පී. දිගම්බරන් මහතා සඳහන් කළේය.
ජනාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට 2020 වනතෙක් මෙම ආණ්ඩුව කටයුතු කරන බවත්, එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් ඔහු පවසා සිටියේය.
අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාවට ලබාදුන් පොරොන්දු විශාල ලෙස ඉටු කිරීමට නොහැකි වූයේ පසුගිය ආණ්ඩුව විසින් රට ණය කර තිබූ නිසා බවයි.
එම ප්‍රශ්න විසඳාගනිමින් සිටින බවත්, ඉදිරි වසර කිහිපය තුළ විශාල සංවර්ධනයක් රට තුළ සිදුවන බවත් දිගම්බරම් මහතා සඳහන් කළේය. යාපනයේ සිදුවන සුළු සුළු සිද්ධි මත මහා විශාල දෙයක් සිදු වේ යැයි සඳහන් කළද, එවැනි දෙයක් සිදුවීමට රට තුළ ඉඩක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.