2019 වර්ෂයේදී මිලියන 5000 ක පමණ අලාභයක් තැපෑල ලබා ඇති බව තැපැල් සේවා හා ජනමාධවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවැසීය.
මඩකලපුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ නිරික්ෂණයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"සෑම සතියකට වරක් අප වැඩ කරන ආයතන සම්බන්ධයෙන් මා ඇතුළු සියළු අමාත්‍යවරුන් ජනාධිපතිතුමන්ට වාර්ථාවක් සැපයිය යුතුයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමෙන් 70% , 80% පමණ මුදලක් වැටුප් හා අතිකාල ගෙවීමට වැය වන බව දැනගන්නට ලැබුණා. මා විශ්වාස කරනවා තැපැල් සේවාව ඉතා විධිමත් අයුරින් ගොඩ නැගිය යුතු බව. මාගේ කැබිනට් අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල මහතා පත් කර තිබෙනවා.
තැපෑල ගොඩනැගීම සඳහා 2021 සිට 2025 දක්වා පස් අවුරුදු සැලැස්මක් දැනටමත් දෙපාර්තමේන්තු මට්ටමෙන් ඉදිරපත් කර තිබෙනවා. ඒ පිළිබඳව මා අධ්‍යනය කලා ඉදිරියේදී අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
රටේ සියළු දිස්ත්‍රික්ක වලට ගොස් ඒ ඒ දිස්ත්‍රික්ක වල තැපෑල් කාර්යාල වල අඩුපාඩු මෙන්ම සේවකයන්ගේ ගැටළු සම්බන්ධයෙන්ද සොයා බලා තැපෑල දියුණු කිරීමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියේදී කිරීමට මා බලාපොරොත්තු වෙනවා. සතියේ සෑම බදාදා දිනයකදීම උදෑසන 7.00 සිට අමාත්‍යංශයේ සිටින නිසා ඕනෑම කෙනෙකුට මා හමුවීමට හැකියාව තිබෙනවා.”