මෙම වසරේ ගත වූ මුල් මාස 02ක කාලය තුළදී සිදුව ඇති ළමා අපයෝජන 1532ක් පිළිබඳ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ළමුන් මානසිකව හා කායික වශයෙන් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් වන බවට සඳහන් වේ. එම පැමිණිලි සංඛ්‍යාව 364කි.