2018 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7 බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව ප්‍රකාශ කළේ මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමිනි.
පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සඳහා ඉහළ දායකත්වයක් සේවා අංශයෙන් ලැබී ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි.